(ජයන්ත සමරකෝන්)
කොළඹ මැගසින් බන්ධනාගාරයේ මුරකුටියක රාජකාරියේ නිරත නියාමකවරයෙක් එහි සිට බන්ධනාගාර එල්ටීටීඊ සිර වාට්ටු දෙසට දුම්කොළ 300 ක් සහිත පාර්සලයක් විසි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගේ වැඩ තහනම් කර තිබේ.
කාලයක පටන් මෙම ජාවාරම කරගෙන ගොස් ඇද්ද යන්න හා ඊට සම්බන්ධ අනෙකුත් නිලධාරීන් පිළිබඳවද සොයා බලන බව බන්ධනාගාර කොමසාරිස් බන්දුල ජයසිංහ මහතා පැවසීය.
එල්ටීටීඊ සැකකරුවන් රඳවා සිටින එච් හා ජේ යන සිර වාට්ටුවල දුම්කොළ වලින් බීඩි සාදා සිරකරුවන්ට විකිණීමේ ජාවාරමක් සිදුකරගෙන යන බව මේ වනවිට බන්ධනාගාරය තුළ ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇතැයිද පැවසේ.

