දුප්පතාට ලන්ඩන් පන්සලෙන් නත්තල්


ජීවිතයක් ගෙවන අසරණයන් සඳහා ආහාර පාන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමට ලන්ඩන් බෞද්ධ  විහාරය මේ වසරේද සැරැසෙයි.
යන එන මන් නැතිව මහපාරේ ජීවත්වන මොවුන්ගේ සැපදුක් බලා ගන්නා ස්වෙච්ජා සංවිධානයක මාර්ගයෙන් මෙම භාණ්ඩ මෙසතිය පුරා බෙදා දෙයි. ලන්ඩන් විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන් පැවසුවේ මුළු එංගලන්තයම  උත්සව සිරියෙන් ඇළලී යන මේ සති කිහිපයේ එවන් ප්‍රීතියක් භුක්ති විදීමේ වාසනාවක් නොමැති බොහෝදෙනකු හුදකලාව මහ පාරේ සිතාගන්නට තරම් අසීරු කර්කශ ජීවිතයක් ගෙවන බවයි. එංගලන්තය වැනි මෙතරම් දියුණු ජනසමාජයක එවැනි තත්වයක් ඇතිවීම ඉතාම දුක්ඛදායක බවද ඒ හිමියෝ.
මෙයට හේතුව සොයා සොයා ප්‍රශ්න කරනවාට වඩා එවැනි අසරණ තත්වයකට පත්වී ඇති උදවියට හැකි අයුරින් උපකාරයක් කිරීම වැදගත්වන බවත් මේ ගැන විහාරස්ථානයේ දායක දායිකාවන්  සමග සාකච්ඡා කොට මෙම වැඩපිළිවෙල සුදානම් කළ බවද උන්වහන්සේ පැවසුහ.
හිඟාකෑම  එංගලන්තයේ නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් නිසා මෙවැන්නන්ට කිසිවෙකුගෙන් ප්‍රසිද්ධීයේ පිනට යමක් ලබා ගැනීමද අසීරු කරුණක් වී ඇත.මෙලෙසින් මහපාරේ ජීවත් වීමට සිදුවී ඇති බොහෝ දෙනා ඉංග්‍රීසි ජාතික තරුණයෝය.