දීඝවාපි චෛත්‍යයේ ඇතුළු පවුර මතුවෙයි. By None // 2012 මැයි 27 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අම්පාර දීඝවාපි චෛත්‍යයේ ඉපැරැණි ඇතුළු ප‍්‍රාකාරය මතුකර ගැනීමට කැනීම් කරන පුරාවිද්‍යා නිලධරයෝ සමත්වී සිටිති. ඉතා පිළිවෙලකට ක‍්‍රමවත්ව මෙම බැම්ම සකස් කර ඇති අතර චෛත්‍යය වටේටම බැම්ම පිහිටා තිබෙන බවට පුරා විද්‍යා නිලධරයෝ කියති. 7-8 සියවස්වල මෙම බැම්ම ඉදිකරන්නට ඇතැයිද ඔවුහු කියති. ඉන් පසු කාලවලදී චෛත්‍යය වටා අක‍්‍රමත්ව ඉදිකරන ලද බැම්මක්ද සොයාගෙන ඇත. මීට අමතරව දිඝවාපී පුදබිමේ තිබී තවත් ගරා වැටුන ගොඩනැගිල්ලක නටබුන් මතුව ඇති අතර මෙතෙක් එහි කැනීම් ආරම්භ කර නැත. දැනට මාස හයක පමන කාලයක් කැනිම් කටයුතු කරන අතර විවිධ ලෝකඩ රූප, පබළු, මුදු, කොත් කැරැලි, ශිලා ලේඛන, සිංහ රූප, ගව රූප මෙතෙක් කරන ලද කැනීම් වලදී සොයාගෙන ඇත. මෙම කැනීම් වලට සිවිල් ආරක්ෂක බළකායද සහාය වෙයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත