දිසාපාමොක්ට ගැසූ මිනිහා අල්ලයි


ගම්පහ කක්ෂිලා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති එම් සාලින්ද කුමාර මහතාට පහරදී තුවාල කලැයි කියන පුද්ගලයා අද දහවල් සැකපිට අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලීසිය කියයි. ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂක චරිත ඒ බී ජයසුන්දර මහතාට ලැබුණු තොරතුරුවලට අනුව ඔහු සොයද්දී පොලීසියට ආසන්නයේ ත්‍රීරෝද රථයකින් යද්දී අත්අඩංගුවට ගැනීමට හැකි විය. ඇහිබැම ගා, නියපුතුවල කියුටෙක්ස් ආලේප කර, නිල ඇඳුම කොටට ඇඳගෙන පාසලට නොගැලපෙන ලෙස පාසලට ආ සිසුවියකට අවවාද කිරීමෙන් පසු ඇගේ පියා නියෝජ්‍ය විදුහල්පතිවරයාට පහරදී ඇතැයි පොලීසියට පැමිණිලි කර තිබේ.