(රංජන් කස්තුරි)
මෙවර මහ මැතිවරණයේදී දිස්ත්‍රික්ක 4ක පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව සංශෝධනය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
ඒ අනුව, දකුණු පළාතෙන් මන්ත්‍රී ධුර දෙකක් අඩු වී ඌව පළාතට මන්ත්‍රී ධුර දෙකක් වැඩි වී තිබෙන බවද ඔහු පැවසීය.
එසේම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලින් මන්ත්‍රී අසුන බැගින් අඩුවන බවද දේශප්‍රිය මහතා කීය.
බදුල්ල සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලට එක් මන්ත්‍රී අසුන බැගින් වැඩිවන බවද, සභාපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව, ගාල්ල දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව 10 සිට 9 දක්වාද මාතර දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව 8 සිට 7 දක්වා ද අඩු වී ඇතැයිද හෙතෙම පැවසීය.
බදුල්ල දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ආසන සංඛ්‍යාව 8 සිට 9 දක්වාද මොණරාගල දිස්ත්‍රික්කයට හිමි ආසන සංඛ්‍යාව 5 සිට 6 දක්වාද ඉහළ යන බව හෙතෙම සඳහන් කළේය.

