
(ඩයනා උදයංගනී)
මෙරට ජාතික විශ්ව විද්‍යාලයක් නොමැති සෑම දිස්ත්‍රික්කයකම ලබන වසර වන විට අධිතාක්‍ෂණ විශ්ව විද්‍යාල පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව දැනට විශ්ව විද්‍යාලයක් නොමැති නුවරඑළිය, කළුතර, ගාල්ල, හම්බන්තොට, පොළොන්නරුව, අනුරාධපුර, මාතලේ, පුත්තලම, මන්නාරම, මුලතිව් සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ලබන වසරේදී විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට ශඛ්‍යතා අධ්‍යයන ආරම්භ කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉන් පහක ශඛ්‍යතා අධ්‍යයන මේ වන විට අවසන්ව ඇතැයි කී ඇමතිවරයා ඉතිරි පහ සඳහා වන ශක්‍යතා අධ්‍යයන ලබන මාසයේදී අවසන් කෙරෙන බව ද කීවේය.
ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
මෙම විශ්ව විද්‍යාල 10 ඉදිකිරීමෙන් පසු ලබන වසරේදී ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය 15 සිට 25ක් දක්වා වැඩිවන බව ද ඇමතිවරයා කීවේය.
එම විශ්ව විද්‍යාලයන්හි රැකියා වෙළඳපල ඉලක්ක කරගත් තොරතුරු තාක්‍ෂණය, ඉංජිනේරු තාක්‍ෂණය, ජෛව පද්ධති තාක්‍ෂණය හා ප්‍රදේශයේ සම්පත් අනුව පර්යේෂණාත්මක කටයුතු කිරීමේ පාඨමාලා සහිත පීඨයන් ස්ථාපිත කෙරෙන බව ද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

