දිස්ත්‍රික් තුනකට නාය යාමේ අවදානමක්


(ඩයනා උදයංගනී)

පවතින වැසි සහිත කාලගුණයත් සමග කළුතර, රත්නපුර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලට නායයාමේ අනතුරු අඟවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කුකුළේගඟ වාන් දොරටුවක් විවෘත කර ඇති අතර මේ හේතුවෙන් බුලත්සිංහල, අගලවත්ත, මදුරාවල, ඉංගිරිය අවට ප්‍රදේශවාසීන්ට අවදානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.

කළු ගඟ මිල්ලකන්ද ජල මාපකයේ ජල මට්ටම පිටාර මට්ටමේ පවතින බැවින් ඒ  පිළිබඳ අවදානයෙන් සිටින ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කර ඇති නවතම වාර්තාවල සඳහන් වේ.