දිවුලපිටි පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්


(ටෝනි කරුණානායක)

අත්අඩංගුවේ සිටි සැකකරුවකු මිය යෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දිවුලපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලබන 10වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මීගමුව මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අද(6) නියෝග කළේය.

මිය ගිය සැකකරු සොරකමක් සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසියෙන් අත්අඩංගුවට ගෙන පසුගිය තුන් වැනි දා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 10 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටියේය.