(ඩයනා උදයංගනී)
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (16) දිනයේත් ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරුමැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 40 ක පමණ තටමක් තද සුළං ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඌව, සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ උතුරුමැද පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් තත්වයක් ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

