දිල්හාර ප‍්‍රනාන්දු නැවතත් ශ්‍රී ලංකා සංචිතයේ


ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් පිල ඉදිරියේදී සහභාගි වීමට නියමිත පාකිස්තානු සහ ඉන්දීය, ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලිවලට සහභාගි වීම සඳහා කණ්ඩායම් තේරීම සඳහා නම් කර ඇති 30 දෙනකුගෙන් යුත් සංචිතයට වේග පන්දු යවන ක‍්‍රීඩක දිල්හාර ප‍්‍රනාන්දු ඇතුළත් කර තිබේ. දිගින් දිගටම ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කළ දිල්හාර ආසාර්ථක වීම නිසා පසුගිය වසරේ දකුණු අප‍්‍රිකානු සංචාරයෙන් පසුව සංචිතයේ ද ස්ථානය අහිමිවිය. 32 හැවිරිදි දිල්හාර ටෙස්ට් තරග 39 කදී කඩුලූ 97 ක් සහ එක්දින තරග 147 කදී කඩුලූ 187 ක් දවාගෙන තිබේ. ශ්‍රී ලංකා සංචිතය: මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන්, තරංග පරණවිතාන, ළහිරු තිරිමාන්න, උපුල් තරංග, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, තිලාන් සමරවීර, ප‍්‍රසන්න ජයවර්ධන, චාමර සිල්වා, චාමර කපුගෙදර, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, ෆර්විස් මහරුෆ්, ඉසුරු උදාන, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, චානක වෙළගෙදර, සුරංග ලක්මාල්, ධම්මික ප‍්‍රසාද්, ශාමින්ද එරංග, දිල්හාර ප‍්‍රනාන්දු, නුවන් ප‍්‍රදීප්, සුරාජ් රන්දීව්, රංගන හේරත්, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, ඩිල්රුවන් පෙරේරා, කෞෂාල් ලොකුආරච්චි සහ ජීවන් මෙන්ඩිස්