දිල්හාර කඩුලූ 100 යි
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (11) කඩුලූ 3 ක් දවාගත් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක දිල්හාර ප‍්‍රනාන්දු ටෙස්ට් කඩුලූ 100 සම්පූර්ණ කළේය.
දිල්හාර, ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ කඩුලූ 100 ක් දවාගත් පස්වැනි ක‍්‍රීඩකයා මෙන්ම තෙවැනි වේග පන්දු යවන්නා ද වෙයි. මෙය 32 හැවිරිදි දිල්හාරගේ 40 වැනි ටෙස්ට් තරගය වේ.
මුත්තයියා මුරලිදරන් (800), චමින්ද වාස් (355), රංගන හේරත් (154) සහ ලසිත් මාලිංග (101) ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලූ 100 කට වැඩියෙන් දවාගත් සෙසු ක‍්‍රීඩකයෝ වෙති.

