දිල්හාර - කපුගෙදර නැවතත් ශී‍්‍ර ලංකා සංචිතයට එක්වෙති


දිල්හාර - කපුගෙදර නැවතත් ශී‍්‍ර ලංකා සංචිතයට එක්වෙතිලබන මාසයේදී පාකිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි/20 සහ එක්දින තරගාවලි සඳහාත් චාමර කපුගෙදර සහ දිල්හාර ප‍්‍රනාන්දු දෙදෙනා නැවතත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට කැඳවනු ලැබ සිටිති. චාමර කපුගෙදර ශී‍්‍ර ලංකා විස්සයි/20 කණ්ඩායමට කැඳවා තිබෙන අතර දිල්හාර ප‍්‍රනාන්දු එක්දින සංචිතයට කැඳවා තිබේ. දග පන්දු යවන්නන් වශයෙන් සචිත‍්‍ර සේනානායක විස්සයි/20 සංචිතයටත්, ජීවන් මෙන්ඩිස් සහ රංගන හේරත් එක්දින සංචිතයටත් එක්වී සිටිති. තේරීම් කමිටුවට සම්බන්ධ අයකුගෙන් කළ විමසීමකදී දැනගත හැකිවූයේ අජන්ත මෙන්ඩිස් තවමත් පිටකොන්දේ ආබාධයෙන් සුවය ලබා නැති බවයි. ශී‍්‍ර ලංකා විස්සයි/20 සංචිතයමහේල ජයවර්ධන (නායක), ටී. එම්. ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, කෞෂල්‍ය ලොකුආරච්චි, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සචිත‍්‍ර සේනානායක, ලසිත් මාලිංග, චාමර කපුගෙදර, උපුල් තරංග සහ ඉසුරු උදානශී‍්‍ර ලංකා එක්දින සංචිතයමහේල ජයවර්ධන (නායක), ටී. එම්. ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සචිත‍්‍ර සේනානායක, ලසිත් මාලිංග, රංගන හේරත්, උපුල් තරංග, නුවන් ප‍්‍රදීප් ප‍්‍රනාන්දු සහ දිල්හාර ප‍්‍රනාන්දු