දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් - කොල්කටා නයිට්රයිඩර්ස් මුම්බායි ඉන්දියන්ස් අවසන් වටයට සදුසුකම් ලබති


අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ මුලික වටයේ සියලූ තරග අදින් (20) අවසන් වන අතර මේ වන විටත් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්, කොල්කටා නයිට් රයිඩර්ස් සහ මුම්බායි ඉන්දියන්ස්  කණ්ඩායම් අවසාන වටය සදහා සුදුසුකම් ලබා සිටිති. අවසන් වටය සඳහා සුදුසුකම් ලබාගන්නා ඉතිරි කණ්ඩායම අද රාත‍්‍රී පැවැත්වෙන තරග දෙකෙන් පසුව තීරණය විමට නියමිතය. රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ ඩෙකැන් චාජර්ස් අතර පළමු තරගය පැවැත්වෙන අතර මුම්බායි ඉන්දියන්ස් සහ රාජස්තාන් රෝයල්ස් අතර තරගය අද රාතී‍්‍ර 8.00 ට ආරම්භ වේ. අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේ තරග ලබන 22 දා අරම්භ වන අතර අවසාන මහා තරගය 27 වන ඉරිදා චෙන්නායි හිදී පැවැත් වේ.