දියවඩන නිලමේට සිතාසි


2008 ජනවාරියේ සිට 2011 දෙසැම්බර් 31 වැනි දා දක්වා හය මාසයකට වරක් මහනුවර දළදා මාළිගාවේ ගිණුම් වාර්තා බෞද්ධ කටයුතු කොමසාරිස්ට නොයැවීයැයි දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑලට අධිකරණයේ පෙනී සිටින ලෙස මහනුවර අතිරේක මහේස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා සිතාසි නිකුත් කෙළේය. ගනේගොඩ හා ඇම්බැක්කේ, කතරගම දේවාලවල හිටපු බස්නායක නිලමේ රසික සුදන්ත පුංචි බණ්ඩාර සේනානායක විසින් ගොනු කැරුණු පෙත්සම් හතරකින් පසුව උසාවිය එම පියවර ගත්තේය.