දියවඩන නිලමේට කෝටි පහක වන්දි


මහනුවර දළදා මාලිගයේ දියවඩන නිළමේ නිලංග දෑලට රුපියල් කෝටි පහක වන්දියක් ගෙවන ලෙස කොළඹ දිසා විනිසුරු ජී.ඒ. ධම්මික ගණේපොළ මහතා නියෝග කළේය. ධර්ම විජය පදනමේ පුවත්පත් සාකච්ඡාවක දී නිලමේට අපහාස කිරීම සඳහා බොරු කතා ගෙතී යැයි ජාතික ධනය සුරැකිමේ සංවිධානයේ සිරිශාන්ත විජය, සුමංගල හිමි හා බුද්ධික ඩයස් උෂාන් ගෙන් රුපියල් කෝටි 50 ක් ඉල්ලා මේ නඩුව පවරා තිබිණි. නඩුව විභාග වූයේ ඔවුන් නොමැතිවය. දිවයින පුවත්පතද වගඋත්තර කරුවකු වූ නමුත් විභාගය ආරම්භයේදීම ඔවුන් වරද පිළිගෙන සමාව ගැනීම නිසා දිවයින නඩුවෙන් මුදා හැරිනි.