දියමන්තිය ගිල්ල චීනා රිමාන්ඩ්
රුපියල් 18 ලක්ෂයක දියමන්තියක් ගිල දැමූ බව කියන කුං චෙං නම් චීන ජාතිකයා ලබන 17 වැනි දා තෙක් රිමන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කෙළේය. බණ්ඩාරනායක සමරු හලේ මැණික් ප්‍රදර්ශනයක් බැලීමට තවත් චීන ජාතිකයකු සමග ආ මොහු දියමන්තියක් ගිල දැමූ බවත් කොළඹ රෝහලේ ඔහු සිටින බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

