දියණිය ඝාතනය කළ පියාට මරණ දඬුවම


(රංජිත් රාජපක්ෂ) 
                      
තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහාධිකරණ විනිසුරු ප්‍රමිල රත්නායක මහතා අද (4)  මරණ දඬුවම නියම කළේය.


මෙසේ මරණ දඬුවම නියම කරනු ලැබුවේ නුවරඑළිය රාගල හල්ගන්ඔය ප්‍රදේශයේ පදිංචි සෝමසුන්දරම් සුරේෂ් නැමති 41 හැවිරිදි පුද්ගලයකුටය.


තම නිවසේදී වයස අවු 3 ½ හැවිරිදි සුරේෂ් ඉන්දියා නැමති දියණිය ගෙල සිරකර ඝාතනය කිරිමේ චෝදනාව යටතේ චුදිතයාට මරණ දඬුවම නියම කෙරිණි.


චුදිතයාගේ බිරිඳ කුවේට් රාජ්‍යයේ ගෘහසේවය සදහා 2014 වසරේදී විදෙස්ගත වී ඇති අතර එහිදී ඇය ශ්‍රී ලාංකික තරුණයකු සමඟ අනියම් සබඳතාවයක් පවත්වා ගනිමින් චුදිතයා සහ චුදිතයාගේ දරුවන්ට නොසළකා හැරීමෙන් උරණ වූ චුදිතයා දියණියගේ ගෙල සිරකර ඝාතනය කර ඇත.


රාගල පොලිසිය විසින් ඝාතනය සම්බන්ධයෙන් නුවරඑළිය මහාධිකරණයේ නඩු පවරා තිබිණි.