දිය යට දිගම හාදුව


ලෝකයේ පෙම්වතුන් වැලන්ටයින් දිනය මල් සහ ආදරය ප්‍රකාශ කරමින් සමරද්දී බෙත් නීල් සහ මයිල්ස් ක්ලුටියර් පෙම් යුවළ ලොව දීර්ඝතම දිය යට හාදුවට හිමි ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීමට සමත්ව ඇත.

මෙම යුවළගේ දිය යට හාදුවේ දිග විනාඩි හතරයි තත්ත්පර හයකි.මීට පෙර ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කී  දිය යට හාදුවේ දිග විනාඩි තුනයි තත්ත්පර විසි හතරක් වී තිබේ. බෙත් නීල් සහ මයිල්ස් ක්ලුටියර් පෙම් යුවළ මාලදිවයිනේ නිවාඩු නිකේතනයකදී මෙම ලෝක වාර්තාව තබා ඇත.

බෙත් නීල් සහ මයිල්ස් ක්ලුටියර් පෙම් යුවළ විවාහ ගිවිසගෙන ඇති අතර ඔවුනට වයස අවුරුදු එක හමාරක දියණියක්ද සිටියි. ඔවුන් දෙදෙනාම රැකියාවෙන් කිමිදුම් උපදේශකයන්ය.

(විමුක්ති එස් රුද්‍රිගු)