දිඹුලාගල ආරණ්‍යය සේනාධිපතිව වැඩ විසු කිතලගම සීලාලංකාර නා හිමියන් කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කර වසර 19 කට පසු නාමිහියන්ගේ පිළිරුවක් මනම්පිටිය මඩකළපුව මං සන්ධියේදී ඉදි කිරීමට යයි.
රුහුණේ ඉපිද රජරටට වැඩම කොට මහවැලිය අරඹන්නටත් පෙර සිටම දිඹුලාගලට මහ මෙහෙවරක් කළ සීලාලංකාර නා හිමි පළාතේ සිංහල,දෙමළ,මුස්ලිම් සියලු දෙනාගේ ජනප්‍රසාදයට ලක්විය.
දිඹුලාගල ආරණ්‍යය සේනාධිපති මල්දෙණියේ ජිනාලංකාර නා හිමියන් පැවසුයේ පොළොන්නරුව පුරා කළ සාසන මෙහෙවර වෙනුවෙන් බොහෝ විට පයින්ම වැඩම කළ සිලාලංකාර නාහිමියනට එදා තිරික්කලයක් පුජා කළ ස්ථානයේ ඒ හිමියන්ගේ පිළිරුව ඉදි කරන බවයි. ආදී වාසී නායක ඌරු වරිගේ වන්නියල ඇත්තන්ද මුල් ගල තැබීමට පැමිණ සිටියේය.