දිඹුලාගල ආදි වාසියෝ විදි බසිති


ආදිවාසී නායක වන්නියලැ ඇත්තන් දඹුලාගල දළුකානේ ආදිවැසී පවුල්  වෙනුවෙන් දළුකාන ආදිවාසී නායක හන්දාගේ අමරසිංහ ඇත්තන්ට දුන් ස්වයං රැකියා උපකරණ හා වියලි ආහාර සිංහලයකු ද සමග එක් වී වංචා කළැයි දළුකාන ආදිවාසී පවුල් විස්සක සාමාජිකයෝ විරෝධතාවයක් කළහ. දළුකාන නායකයා කියනුයේ දඹානෙන් ලබුණු පාර්සල් දහයෙන් එකක් තමා ළඟ තබාගෙන ඉතිරි නවය බෙදූ බවයි. තම නායකත්වයට එරෙහි පුද්ගලයකු මේ උද්ඝෝෂණ්‍ය අවුලුවතියි ඔහු කීය. දළුකානේ ආදි වාසී පවුල් 28 සාමාජිකයෝ ජිවත්වෙති.