දිඹුල්දෙන ගස් පාලමෙන් වැටී සිසුවකුට තුවාල


(ප්‍රසන්න පත්මසිරි)
 
මැදගම දිඹුල්දෙන ගම්මානයට දහමල් ඔයේ ගස් උඩ අතු අතර දැව කොටන් මතින් ගමන්කළ පාසල්   සිසුවෙකු බිමට ඇද වැටී බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
 

මැදගම අලුත්වෙල පාසලේ පළමු වසරේ ඉගෙනුම ලබන එස්.ජී මනෝජ් පුෂ්පකුමාර (06) සිසුවා  පාසල නිමවි තිම පියා සමඟ දැව කොටන් අතරින් නිවස බලා ගමන් කරමින් සිටියදී පය ලිස්සා අඩි 15ක්  පමණ පහළින් තිබෙන දහමල් ඔයට වැටී අනතුර සිදුව තිබේ.
 
 අනතුරින් තුවාල ලැබු පාසල් සිසුවා බිබිල මුලික රෝහලට ඇතුළත් කර තිබෙන බවත් හිසට හා පිට  කොන්දට තුවාල සිදුව තිබෙන බවත් පොලීසිය කියයි.
 
මැදගම ප්‍රාදේශිය ලේකම් කොටිඨාශයට අයත් දිඹුල්දෙන ගමේ පාරම්පරිකව හේන් වගා කරමින් පදිංචිවසිටින පවුල් 48ක ගැමියන් වසර පහක් තිස්සේ දහමල් ඔයෙන් එගොඩ මෙගොඩ ගමන් කිරීමට කුඹුක් හා අක්ටික්කා ගස් දෙකක් අතර අනාරක්ෂිතව මෙම දැව පාලම ඉදිකර තිබේ.

 මීට  පෙර  මෙම පාලම හා ඔවුන්ගේ අනතුරුදායක ගමන පිලිබඳව අප පළ කළ ප්‍රවෘත්තිය පහත සබැඳියෙන් දැක්වේ.

ගස් නැග එගොඩ මෙගොඩ යන දිඹුල්දෙන වැසියෝ