( රංජිත් රාජපක්ෂ)
පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය කළ හැටන් දිඹුල ප්‍රාදේශීය මාධ්‍යවේදියාට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී නොමැති බව දික්ඔය මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය උපුල් රත්නසිරි මහතා පැවසීය.
කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී ඇතැයි මතුවූ සැකයක් හේතුවෙන් එම ප්‍රාදේශීය මාධ්‍යවේදියා පසුගියදා දික්ඔය මූලික රෝහලට ගොස් පී.සී.ආර්. පරීක්ෂණයක් කරගෙන තිබුණි.
මේ නිසා ඔහුත්, ඔහුගේ නිවසේ සිටි දෙදෙනෙකුත් පදිංචි නිවසේම දින 14ක ස්වයං නිරෝධායනයකට යොමුකිරීමට කොටගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ දිඹුල පොලිස් නිලධාරිහු කටයුතු කළහ.
පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව අනුව එම ප්‍රාදේශීය මාධ්‍යවේදියාට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වූ නිසා ඔහුත්, ඔහු ඇසුරු කළ අනෙක් දෙදෙනාත් ස්වයං නිරෝධායන කටයුතු වලින් ඉවත් කිරීමට සෞඛ්‍ය අංශ බලධාරීන් කටයුතු කර තිබේ.



(ඡායාරූප - ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)

