දිමුත් කරුණාරත්න නොදැවී 150 යි


සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල අතර ඩර්බන්හිදී පැවැත්වෙන දෙවැනි සිවුදින ක‍්‍රිකට් තරගයේ සිවුවැනි සහ අවසන් දිනය වන අද (09) ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ දෙවැනි ඉනිමේදී නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 150 ක් රැස් කළේය. ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම සඳහා කඩුලූ 5 ක් දැවී ලකුණු 302 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා දකුණු අප‍්‍රිකාවට ලකුණු 349 ක ඉලක්කයක් බාර කළේය. දිමුත් පන්දු 240 කදී හතරේ පහර 17 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 150 ක් රැුස්කිරීමට සමත් විය. ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම  ඕවර 97 කදී සියලූ දෙනා දැවී 336 සහ දෙවැනි ඉනිම  ඕවර 78.5 කදී කඩුලූ 5 ට 302 (දිමුත් කරුණාරත්න නොදැවී 150, ඇන්ජලෝ පෙරේරා 49) දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල පළමු ඉනිම  ඕවර 89.1 කදී සියලූ දෙනා දැවී 290