(යොහාන් භාසුර)
ජපානයේ ටෝකියෝ නුවරදී දැන් පැවැත්වෙන පැරාලිම්පික් උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් (‘එෆ් 46’ කාණ්ඩය) ලෝක වාර්තාවක් සමඟ රන් පදක්කම දිනූ යුද හමුදා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්තට රුපියල් කෝටියක (ලක්‍ෂ 100) මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
එම ක්‍රීඩා උළෙලේදීම ‘එෆ් 64’ කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනූ සමිත දුලාන් කොඩිතුවක්කුට ද රුපියල් ලක්‍ෂ 10 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසීය.

