මානව හිමිකම් කවුන්සිලයේ 43වැනි සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙන විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (25) පස්වරුවේ ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවරට ළඟාවිය.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හෙට (26) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ පෙළේ සාකච්ඡා වටය අමතා අදහස් දැක්වීමට නියමිතය. අමාත්‍යවරයා එහිදි ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය’ කිරීම පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාවෙන් සිය සම අනුග්‍රහාය ඉවත් කරගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන්ට විධිමත්ව දැනුම් දීමට නියමිතය.
2015ඔක්තෝබර් මස30/1දරන සහ2017මාර්තු මස34/1දරන පූර්වගාමී යෝජනා සම්මුති ඇතුළත් කොට සකස් කරන ලද, 2019 මාර්තු මස40/1 දරන ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව,වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’පිළිබඳ යෝජනා සම්මුතිය සඳහා සිය සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා රජය ඉකුත් දා තීරණය කළ අතර ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමිවිය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය පෙබරවාරි 27 වැනිදා කවුන්සිලය අමතා සිය වාචික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත අතර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊට පිළිතුරු දෙනු ඇත.
මේ සිකුරාදා එනම් පෙබරවාරි 28 වැනිදා අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරිය හමුවීමට නියමිතය.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ, විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ , නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ, විදේශ සබඳතා අමාත්‍යාංශයේ එක්සත් ජාතීන් සහ මානව හිමිකම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ආර්.කේ. ලෙනගල, ආරක්ෂක අමාත්‍යාංශයේ බ්‍රිගේඩියර් ඊ.එස්. ජයසුන්දර සහ විදේශ සබඳතා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් සුබාෂ් ශ්‍රී විජේතුංග යන මහත්වරු සහ රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ කනිෂ්කා බාලපටබැඳි මහත්මිය සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසට එක්ව සිටිති.
ජිනීවාහි එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකාවේ වැඩබලන නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මිය සහ අදාළ කාර්ය මණ්ඩලය මෙම සැසිවාරයේ දී සහ රැස්වීම්වල දී මෙම නියෝජිත පිරිස සමඟ එක්වනු ඇත.
ජිනීවාහි රැඳී සිටින කාලසීමාවේදී අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය හා සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය යන ආයතනවල අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා හමුවනු ඇත.
055

