(ඩයනා උදයංගනී)
වතු කම්කරු ජනතාවට පොරොන්දු වූ පරිදි රුපියල් 1000ක දෛනික වැටුපක් මෙම මාසයේ සිට ලබාදීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බව සම කැබිනට් ප‍්‍රකාශක, වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
ඒ සඳහා වතු සමාගම් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණ සිටින බව කී ඇමැතිවරයා ඔවුන් සමඟ නුදුරු දිනකදී ගිවිසුමකට ද අත්සන් තැබීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය.

ඒ අනුව වතු කම්කරු ජනතාවගේ මාර්තු මස වැටුප් ලැබෙන අප්‍රේල් පළමු සතියේ දී දිනකට රුපියල් 1000 ක් බැගින් වන වැටුපත් ලබාදීමට හැකිවනු ඇතැයි ද කීවේය.
අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (5) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

