වැල්ලවාය පොලිසියේ ස්ථානාධිපති පුරප්පාඩුවට පසුගිය දහ වැනිදා පත් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක දිල්රුක් සිකුරාදා (18) ගලේවෙල පොලිසියට මාරු කැර යැවිණි.
ඔහු වැල්ලවායේ වැඩ බාර ගත්තේ ගිය 13 වැනි දාය.
විසිරැවුණු ඌව පළාත් සභාවේ බලවත් දේශපාලනඥයකුගේ උවමනා පිට ඔහු මාරු කරන්නට ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
දිල්රුක් මහතා වැල්ලවායට ගියේ කිරිඳිවැලිනි.

