(නිමල කොඩිතුවක්කු)
දික්කසාද සම්බන්ධ නඩු විභාග කිරීමේදි වඩාත් ලිහිල් ක්‍රමවේදයන් අනුගමනය කරමින් අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණය කරන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය නිතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.
දික්කසාද සම්බන්ධ නඩු ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම අධිකරණ සේවා කොමිසන් සභාව මගින් එවන ලද චක්‍රලේඛය අනුව අධිකරණ භූමිවල ඇති නඩු භාණ්ඩ අපහරණය කිරීම පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබා දි ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව අධිකරණ භූමිය තුළ ගොඩගසා ඇති වැලි, ගල්, දැව සහ රථ වාහන වැනි ද්‍රව්‍ය ඡායාරූප ගත කර ඒවා සංයුක්ත තැටිවල ගබඩා කර අපහරණය කිරීමේ ක්‍රමවේදයක් ක්‍රීයාත්මක කරන බවත් ඔහු පැවැසීය.
ඒ සඳහා අවශ්‍ය කැමරා 100 ක් ගෙන්වීමට කටයුතු කර තිබෙන බවත් පැවසූ අමාත්‍යවරයා මේ මගින් අධිකරණ භූමි වඩාත් පරිසර හිතකාමි තත්වයට පත් වනු ඇතැයි තමන් විශ්වාස කරන බව සඳහන් කළේය.

