කොළඹ දිසා අධිකරණයේ දික්කසාද හා ළමා භාරකාරත්වයේ නඩු විභාග කිරීමේ විශේෂ අධිකරණයක් අග විනිසුරු මොහාන් පිරිස් මහතා අද (24) විවෘත කළේය.
උත්සව සභාව අමතමින් අග විනිසුරු මොහාන් පිරීස් මහතා කියා සිටියේ පවුල් සංස්ථාව මිල කළ නොහැකි දෙයක් බවත් පවුල් සංස්ථාව බිඳ වැටීම ගැන කිසි කෙනකු සතුටු නොවන බවත්ය.
එවැනි අවාසනාවන්ත තත්ත්වයනට මුහුණ දී අධිකරණය වෙත පැමිණෙන්නන් හට ඉක්මනින් සහන සැලසීමට මේ විශේෂ අධිකරණ ශාලාව පිහිට වු බවත් අග විනිසුරු කීවේය.