දෑත් බැඳ ගලක් ගැටගසා වතුරට දැමූ පුද්ගලයකුගේ සිරුර හමුවේ


නිශාන්ත කුමාර
 
දෑත් බැද  පිටෙහි ගලක් ගැටගසා    මීගහකිවුල ලොග්ගල්ලා  ඔය   කොකනච්චි වළේ ගිල්වා තිබූ  මළ සිරුරක් අද (27) පස්වරුවේ   බදුල්ල පොලිස් අපරාධ ස්ථානීය පරීකෂණ කොට්ටාසය හා කන්දකැටිය පොලීසියේ නිලධාහු  ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව පරීක්ෂණ කටයුතු  සදහා  ලොග්ගල්ලා ඔය ඉවුර ආසන්නයට රැගෙන  ඒමට කටයුතු කළහ.
 
මෙම මළ සිරුර මීගහකිවුල මොරහෙල මීගොල්ල ප්‍රදේශයේ පදිංචි  ඩී එම් සුදුබණ්ඩා (32) නැමැති අවිවාහක පුද්ගලයාගේ බවට හදුනාගෙන ඇත.
 
මහේස්ත්‍රාත්වරයා පැමිණෙන තුරු මළ සිරුර සම්පූර්ණයෙන් ගොඩ ගැනීමට නොහැකි බවද පොලීසිය පවැසීය .
 
 මෙම පුද්ගලයා 22 වැනි දා සිට අතුරුදන්ව  සිටි අතර ඔහුගේ ඥාතීන්   පොලීසිය වෙත කරන ලද පැමිණීල්ලකට  අනුව ප්‍රදේශවාසීන්ද සමග ඔහු සොයා සිදුකළ මෙහෙයුමකදී  බදුල්ල ඇකිරිය මාර්ගයේ ලොග්ගල්ලා ඔය  මීගොල්ල පාලමට  කිලෝමීටරයක් පමන පහළින් පිහිටි වැලි වලක (කොකනච්චි වළ) තිබිය දී සිරුර හමු විය.