‘රොටරි ඕස්ටේ්‍රලියා ලෝක ප්‍රජා සේවය’ ක්‍රියාත්මක කරන ‘හෙල්පින් හෑන්ඞ්’ ව්‍යාපෘතිය යටතේ මෙරට සිටින දෑත් අහිමි පුද්ගලයන් 200 දෙනකුට කෘත්‍රිම දෑත් ලබාදීමට කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකාවේ ‘බත්තරමුල්ල රොටරි’ සමාජය හා එක්ව ‘රොටරි ඕස්ටේ්‍රලියා ලෝක ප්‍රජා සේවය’ මෙම ව්‍යාපෘතිය දියත් කරයි.
බිම්බෝම්බවලින් දෑත් අහිමි පුද්ගලයන් ඉලක්ක කරගනිමින් ‘රොටරි ඕස්ටේ්‍රලියා ලෝක ප්‍රජා සේවය’ ‘හෙල්පින් හෑන්ඞ්’ ව්‍යාපෘතිය දියත් කරන නමුත් වෙනත් හේතු නිසා දෑත් අහිමි වූ පුද්ගලයන්ට ද මෙම කෘත්‍රිම දෑත් සවි කළ හැකිය.
‘හෙල්පින් හෑන්ඞ්’ ව්‍යාපෘතිය 2015 සහ 2016 වසර දෙකේදී ද ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ අතර මෙවර ක්‍රියාත්මක වන්නේ තෙවැනි වරටය. එම වසර දෙකේදී හමුදා සාමාජිකයන් ද ඇතුළුව යාපනය, කිලිනොච්චිය, මහනුවර සහ අනුරාධපුර ආදී ප්‍රදේශවල වෙසෙන 500කට වැඩි පිරිසකට කෘත්‍රිම දෑත් ලබාදීමට මෙම ව්‍යාපෘතිය ඔස්සේ කටයුතු යෙදුණි.
දෑත් අහිමි පුද්ගලයන්ට දෑත් ලබාගැනීමට පැමිණීමේදී ප්‍රවාහන, නවාතැන්, ආහාර ආදී වියදම් සියල්ලද ‘රොටරි ඕස්ටේ්‍රලියා ලෝක ප්‍රජා සේවය’ විසින් දරනු ලැබේ. ‘රොටරි ඕස්ටේ්‍රලියා ලෝක ප්‍රජා සේවයේ’ කණ්ඩායම් ලොව පුරා සංචාරය කරමින් දෑත් අහිමිවූවන්ට කෘත්‍රිම දෑත් ලබාදෙමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
055

