දැරියගේ ලෙඩෙත් විකුණන් කයි


කන් නෑසෙන දැරියකට  සැත්කමක් සඳහා දස මාසයක් තිස්සේ ටිකට් පොත් මුද්‍රණය කැර වෑන් රියකින් ගොස් සම්මාදම් කළ  සිව් දෙනෙක්  මහරගම පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබුහ.

දැරියගේ පියා පොලිසියට පවසා ඇත්තේ  තම දැරිය වෙනුවෙන් සම්මාදම් කිරීමට කිසිවකුටත් කියා නැති බවයි.

එහෙත් ඔහුගේ සමීප නෑයකු සම්මාදමට හවුල් වී ඇති බව පොලීසිය කියයි.වාහනයකින් තැනින් තැන ගොස් සම්මාදම් කළ මේ අය අතර ගැහැණු දෙන්නෙක් ද වුහ.

රුපියල් පනහේ ආධාර පත්‍ර හා රුපියල් 2780 ක්ද  ඔවුන් පැමිණි වාහනය ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.