දැරියක කෙළෙසී යැයි පී.සී. රිමාන්ඩ්


17 හැවිරිදි දැරියක අපයෝජනයට ලක් කළ බව කියන කොස්තාපල්වරයකු ලබන 23 දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේසත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය. කොම්පඤ්ඤවීදිය පොලිසියේ සමන් ප්‍රියංකර සැකකරුය. වැඩිහිටියන් නිවසේ නොසිටි අවස්ථාවේ ආ සැකකරු දැරිය එම වෑන් රියකින් ගාලුමුවදොර පිටියට රැගෙන ගොස් අතවර කළ බව උසාවියේ දී කියැවිණි.