දැරිය කෙළෙසා විසි වසරක් හිරේ
දහතුන් හැවිරිදි දැරියකට මත්පැන් පොවා ඇය කෙළෙසූ හතළිස් පස් හැවිරිදි පුද්ගලයකුට මහනුවර මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා බරපතල වැඩ සහිත විසි අවුරුදු සිරදඬුවමක් නියම කෙළේය. එසේ දඬුවම් නියම වූයේ රත්තොට එස්. ජීවරත්න නැමත්තාටය. 2007 නොවැම්බරයේ දී ඔහු මේ අපරාධය කැර ඇත. සිර දඬුවමට අමතරව රුපියල් පන් දාහක දඩයක් ද, නියම කළ විනිසුරු රුපියල් ලක්ෂයක වන්දියක් දැරියට ගෙවන ලෙස නියෝග කෙළේය.

