දැරිය අපයෝජනය කළැයි ලාංකික සරණාගතයා හිරේට


( තිළිණි ද සිල්වා )
 
තමිල්නාඩුවේ සරණාගත කඳවුරක සිටින හය හැවිරිදි ලාංකික දැරියකට ලිංගික බලහත්කාරකම් සිදු කිරීමට තැත් කිරීමේ චෝදනාවකට එම කඳවුරේ සිටි තවත් ලාංකිකයකුට  ඉන්දියාවේ අධිකරණයක්   වසර තුනක සිර දඬුවම් පමුණුවා ඇතැයි චෙන්නායි හි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
 
එම දඬුවමට අමතරව ඉන්දීය රුපියල් දහසක දඩයක්  ගෙවන ලෙස ද අධිකරණය නියම කර තිබේ.
 
මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ අසූ පස් හැවිරිදි පුද්ගලයකුටය. මොහු තමිල්නාඩුවේ පුදුපට්ටි ප්‍රදේශයේ  පිහිටි සරණාගත කඳවුරක දීර්ඝ කාලයක සිට පදිංචිකරුවෙකි.