දැරිය අපයෝජනය කළ විදුහල්පති රිමාන්ඩ්


(හිරාන් ප්‍රියකර ජයසිංහ)                
 
බාල වයස්කාර දැරියක් ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවක් සම්බන්ධව  කොටවෙහෙර ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නිකවැරටිය මහේස්ත්‍රාත් ඩබ්ලියු .එම්. එස්.එල්. දසනායක මහත්මිය අද (20)  කොටවෙහෙර පොලිසියට නියෝග කළාය

 
මෙසේ බන්ධනාගාර ගත කර ඇත්තේ ගාමිණි නිමල් චන්ද්‍රෙස්කර නැමති (46) හැවිරිදා අවිවාහක පුද්ගලයෙකි. අදාල විදුහල්පතිවරයා ලිංගික අපයෝජනයට  ලක් කර ඇත්තේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිද දැරියකී.
 
අදාල සැකකරු විසින් ඉදිකරන නිවස ආසන්නයේ පිහිටි දැරියගේ නිවසට (17) දින එම නිවැසියන් නොමැති අවස්ථාවක ගොස් ඇති බවත් එහිදි දැරියගෙන්  බීමට ජල විදුරුවක් ඉල්ලා එය රැගෙන එන අවස්ථාවේදී  මෙම ලිංගික අපයෝජනය සිදුකර ඇති බවත් කොටවෙහෙර පොලිසිය පවසයි.
 
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නිකවැරටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර ඇති බවත් ඉදිරි නඩු වාරයේදි එම වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.