දැක්කොත් කියන්න : අල්ලන්න එපා
හඳුනානොගත් ආකාශ වස්තුවක් දුටුවිට කොළඹ බොරැල්ලේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයට දන්වන ලෙසත්, එම පෙදෙස් සෝදිසියට ලක් කැර පාෂාන හෝ ලෝහ කැබලි ඇත්දැයි පිරික්සන ලෙසත් එහෙත් ඒවා නො අල්ලන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය මහජනයාට උපදෙස් දෙයි.
නාඳුනන එවැනි දේ ස්පර්ෂ කිරීම හානි කර විය හැකි බව අමාත්‍යංශය කියයි.
පසුගිය දින කිහිපයේ වාර්තා වූ හඳුනා නොගත් තොරතුරු ඇතුලත් වාර්තා හා වීඩියෝ වැඩි දුර පරීක්ෂණ සඳහා ජගත් තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමතුංග මහතාට බාර දෙන බව ද, අමාත්‍යංශය සඳහන් කරයි.

