දාහත් දෙනකුගේ ඇප රාජසන්තකයි


ජනාධිපතිවරණයට තරඟ කළ පිළිගත් දේශාපලන පක්ෂ 15 ක අපේක්ෂකයන්ගේ හා ස්වාධීන අපේක්ෂකයන් දෙදෙනකුගේ ඇප මුදල් රාජසන්තක වී ඇතැයි අතිරේක මැතිවරණ කොමසාරිස් යූ.අමරදාස මහතා පවසයි. මැතිවරණ නිති රීති අනුව ජනාධිපතිවරණයේ දී ප්‍රකාශිත ඡන්දවලින් සියයට එකකට වඩා ගැනීමට අපොහොසත්වූ අපේක්ෂකයන්ගේ ඇප රාජසන්තක වේ. ස්වාධීන අපේක්ෂකයකු රුපියල් 75,000ක ඇප මුදලක් ද පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු රුපියල් 50,000ක මුදලක් ද ඇප තැන්පත් කරයි. ඒ අනුව රාජසන්තක වූ මුදල රුපියල් ලක්ෂ නමයකි.