දා වැඳුම් පෝලිම අදත් කිලෝමීටර් තුනයි


අද වන විට තුන් ලක්ෂයකට අධික පිරිසක් තිස්සමහාරාම රජමහා විහාරයේ දී කපිලවස්තු ධාතූන් වහන්සේ වැඳපුදා ගන්නට ඇතැයි විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමියෝ කියති. වන්දනාකරුවන්ගේ පෝලිම කිලෝමීටර් තුනක් පමණ අදත් දික් වී තිබිණි. කෙනකුට පැය තුන හමාරකින් පමණ ධාතූන් වැඳපුදා ගත හැකි විය. ධාතූන් වහන්සේලා වැඩම කිරීමට පෙරදින වැසි ද ලැබිණි. ඒ සමග පස් මාසයක් පුරා පැවැති නියඟය ද හමාර විය. අදත් වැසි පැවැතියේය.