රත්තොට මාඩුපට්ටියේ මුත්තුකුමාර් (සුගුස්) 2004 අප්‍රේල් අට වැනි දා මරා දැමූ දස දෙනකුට මධ්‍යම පළාත් බද මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා මරණ දඬුවම නියම කළේය.
රත්නායක මුදියන්සේලාගේ තිස්ස බණ්ඩාර, ආරච්චි රත්නායක මුදියන්සේලාගේ විඩේබණ්ඩා, නාගලිංගම් ක්‍රිෂ්නමූර්ති, ලෙච්චුටන් විජේකාන්, කරුපයියා යෝගේෂ්වරන්, තංගයියා සෙල්ලම්බරම්, හේවා පේඩිගේ රංජිත් ජිනසිරි, ලෙච්චමනන් යෝගරාජා, ශිවසාමි සිවා සහ රාමනාදන් අබ්දුල්ලාට එම දඬුවම නියම විය.

