පැය 24ක වැස්සෙන් පසු මහනුවර මහියංගන දහඅට වංගුව පාර ස්ථාන හතරකින් අද නායගොස් ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත.
හුන්නස්ගිරිය නගරය ආසනන්නයේ කන්දක්ද, මැද මහනුවර, වැලමිට වංගු දෙක අතර කන්දක්ද, එනමල්පොත හන්දියේ කන්දක් සහ උඩුදුම්බර පොලිසිය අසලද නාය ගොස් තිබේ.
මාර්ගය එළිපෙහෙළි කිරීමට බැකෝ යන්ත‍්‍ර තුනක් යොදවා ඇති අතර සවස් වනවිට පාර යථා තත්ත්වයට ගැනීමට හැකිවෙතියි උඩුදුම්බර පොලිස් ස්ථානාධිපති කපිල දිසානායක මහතා මහජනතාවට දැන්වීය.