දසුන් නිශාන් මිය යයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ / ශාන්ත කුලරත්න)

රංගන ශිල්පියකු වන දසුන් නිශාන් ද සිල්වා අද(25) සිය නවාතැන්පොළේ දී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

පන්නිපිටිය, පැලැන්වත්ත පිහිටි ඔහුගේ නවාතැනේ දී සිරුර සොයාගෙන ඇති අතර මරණයට හේතුව මෙතෙක් සොයාගෙන නැතැයි පොලිසිය කියයි.

තිමිර ගිර, පැහැසරා, කවුරුන්ද ඔබ මගේ වැනි ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායකවී ඇති ඔහු ජනප්‍රිය ගීත රැසක වීඩියෝ දර්ශන සඳහාද දායකත්වය ලබාදී තිබේ.