දස කෝටියක කුඩු ගෙනා ඉරාණ දෙන්නා රඳවාගනී
මිනිස් ක්‍රියාකාරිත්වය වැඩි කර, හදවතේ ගැස්ම වැඩි කර මනස දැඩි ලෙස අවුල් කර, මිනිසාගේ මධ්‍ය ස්නායු පද්ධතියට බරපතල හානි සිදුකරන මෙතැම්පිටමීන් මත්ද්‍රව්‍ය කිලෝ දෙකයි ග්‍රෑම් හැත්තෑවක් සමග අත්අඩංගුවට ගත් ඉරාණ ජාතිකයන් දෙදෙනා රැඳවුම් නියෝග මත කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
ඩුබායි සිට ගෙන ආ එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් දස කෝටියකට අධික බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි.

