(යොහාන් භාසුර)
බිත්තර අළෙවි සම්බන්ධයෙන් පසුගිය දින තුනක් තුළ රට පුරා කළ වැටලීම්වලින් වෙළෙදුන් 64 කට නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බවත් එම නඩු අතරට වැඩි මිලට බිත්තර විකිණීමට නඩු 36 ක්, මිල ප්‍රදර්ශනය නොකිරීමට නඩු 26 ක් සහ සන්තකයේ තබාගෙන බිත්තර නොමැති යැයි පැවසීමට නඩු 2 ක් ඇතුළත් බවත් පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් අද (25) පැවසීය.
පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් පසුගිය 22 වැනිදා රට පුරා බිත්තර වැටලීම් නැවත ආරම්භ කළ බව කී එම නිලධාරියා තව දුරටත් වැටලීම් ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.

