දලයි ලාමා ඉතාලියේ By None // 2012 ජුනි 29 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉතාලි සංචාරයක් සඳහා පැමිණි ටිබෙට් නායක දලයිලාමාතුමෝ මිලානෝ නගරයේදී දේශන මාලාවක් පැවැත්වූහ. බුදු දහමින් සතුට මැයෙන් පැවැත්වූ එම දේශනවලට එකොලොස් දහසකට අධික පිරිසක් සහභාගී වූහ. රෝමයේ සිට දඹදෙනියේ ධම්මාරාම මිලානෝ නගරයේ මහගම විපුලසිරි මවිස්සාවැව ඤානතිලක හා මෝදනා නගරයේ මෙදිරිපිටියේ විමලරතන යන හිමිවරුද මේ සඳහා පැමිණ සිටියහ. ආරාධිත දේශනය හා ආගමික වතාවත් දඹදෙනියේ ධම්මාරම හිමියන් විසින් සිදු කැරිණි. ථෙරවාදී බුදු දහම හා ශ්‍රී ලාංකික ජන ජීවිතය ගැනදදලයිලාමාතුමා පැමිණ සිටි විදේශිකයින් හට පැහැදිලි කළහ. දලයිලාමාතුමන් ඉතාලියට පැමිණිදාට පසු දින එම්ලියා රොමාන්‍යා පළාතේ භූමිකම්පාව නිසා උන්හිටි තැන් අහිමිව මෝදනා නගරයේ අනාථ කඳවුරුවල ජීවත්වන පිරිස් දැකබලා ගැනීමට ගොස් ඩොලර් පවස් දහසක් පරිත්‍යාග කළේය. ඉතාලි මාධ්‍ය කියා සිටියේ ඉතා දුරබැහැර සිට පැමිණි දලයිලාමාතුමන් අනාථ වූවන්ගේ සුවදුක් බැලීමට ගියත් වතිකානු නියෝජිතයෙක් එම ස්ථානයට නොගිය බවයි. දලයිලාමාතුමන් ගොස් දින දෙකකට පසු පාප්වහන්සේ මොදනා නගරයට ගොස් තාවකාලික කඳවුරුවල ජීවත් වන මිනිසුන්ගේ සුවදුක් විමසූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත