දරුවාගේ මරණය සැකයි


කරාපිටිය රෝහලේදී පසුගිය 12 වැනිදා සෙෆ්ට්‍රිඇක්සෝන් නමැති ප්‍රතිජීවක එන්නතක් විෂවීමෙන් මියගියා යැයි පැවසූ හීන්පැන්දල කවීෂා හංසනී ජයවර්ධන නමැති නම හැවිරිදි දැරියගේ මරණයට රෝහලේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය වගකිවයුතුයැයි පවසමින් මව සහ පියා මරණය සම්බන්ධව යළි සාක්ෂි කැ‍ඳවන ලෙස ගාල්ල හදිසි මරණ පරීක්ෂක බී.එන්.ජී.කරුණාතිලක මහතාගෙන් ඉල්ලා ඇත. හදිසි මරණ පරීක්ෂකවරයා පවසන්නේ ඔවුන්ගේ ඉල්ලීමට අනුව ඉක්මණින් ම මරණය සම්බන්ධ යළි සාක්ෂි කැ‍ඳවන බවයි.