දරුවා සොයන්න පොලිසි හතක් එක්වේ


මීගලෑවේ ව්‍යාපාරිකයාගෙන් පැහැරගත් දරුවා සොයා ගැනීමට පොලිසි හතක බලඇණි එක්  පැත්තකින් වෙහෙසෙන අතර ගම් වැසියෝ බෝධි පූජා හා දේව පූජා පවත්වමින් දරුවා නිරුපද්‍රිතව මවුපියනට ලැබේවායි පුද පූජා පවත්වති.

පොලිසිය ගමේ මාර්ග වැව් අමුණු පිහිටි පැතිවල ද, වනාන්තරවල ද ලැබෙන හෝඩුවා ඔස්සේ පරීක්ෂණ පවත්වති.

වැදගත් හෝඩුවා කිහිපයක් ලැබී ඇතැයි පොලිස් ආරංචි කියයි.

දරුවා පැහැරගත් වේලාවේ සිටම අඬා වැලපෙන මව්පියන් , නෑදෑයන් සැනසීමට ගැමියෝ වැල නොකැඩී එති.

දරුවා සොයන්න පොලිසි හතක් එක් වේ.

Mawa-(1) PEHERAGATH-DARUWAGE-MAWA piya

piya-(1)

sanj-m