දරුවන්ට වස දී දිවි නසා ගැනීමට තැත් කළ ලාංකික මවක් පැලමෝර්හිදී අත්අඩංගුවට


( (චන්දන ප‍්‍රනාන්දු )


සිසිලි දූපතේ පැලර්මෝ නගරයේ ලාංකික කාන්තාවක්  සැමියා සමඟ ඇති වු පවුල් ආරවුලකින් අනතුරුව තම දරු දෙදෙනාට වස සහිත ආහාර ලබා ඇයද එම වස සහිත ආහාර ගැනිමෙන් සියදිවි හානි කර ගැනිමට උත්සහ කිරිමෙන් බරපතල තත්වයෙන් රෝහල්ගත කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

   (19) වැනිදා  රාත‍්‍රියේ ලාංකික කාන්තාව තම සැමියත් සමඟ ඇති වු බහින්බස්වීමක් අවසානයේ ස්වාමි පුරුෂයා නිවස හැරදමා යාම සම්බන්ධයෙන් සිත් තැවුලට පත්ව සිටි කාන්තාව වයස අවුරුදු එකක් වු කුඩාම දරුවාට හා වයස අවුරුදු 3 ක් පමණ වු වැඩිමහල් දරුවාට රාත‍්‍රි ආහාරය ලෙස සැකසු සුප් එකකට වස මිශ‍්‍ර කර ආහාර ලෙස ලබාදි මිය යාමට සලස්වා එම කාන්තාවද එම ආහාර ගෙන සියදිවි හානි කර ගැනිමට උත්සහා කර ඇති බව එරට ආරංචි මාර්ග පවසයි.


  අවුරුදු 1ක් වයසැති දරුවාට වස මිශ්‍ර සුප් හැඳි කීපයක් මව විසින් කවා ඇති බවත් වැඩිමහල් දරුවා එම ආහාර ගනිමින් සිටියදි එම ස්ථානයට ආ කාන්තාවගේ මව තැනැත්තියක් දරුවා තම දියණිය දැඩි අපහසුතාවයකින් සිටින ආකරය දැක හදිසි ඇමතුම් එකකයට හා හදිසි ඇම්බියුලන්ස් සේවයට දැන්වීම නිසා නැතිවීමට ගිය ජිවිත 3 ක් බේරි ඇති බව එරට මාධ්‍ය පවසයි  .


 අවුරුද්දක් වයසැති දරුවාගේ තත්වය බරපතල බවත් සියදිවි හානිකර ගැනිමට උත්සහා කිරිම හා දරුවන් වස දි ඝාතනය කිරිමට උත්සහ කිරිම සම්බන්ධයෙන් දරුවන්ගේ මව වන ලාංකික කාන්තාව අත් අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව මැද පැලර්මෝ චිවිකෝ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බව එරට ආරංචි මාර්ග පවසයි .

  දරුවන් දෙදෙනා මේ වනවිට පැලර්මෝ චෙෆලු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ගන්නා බවත් තම සැමියාට පාඩමක් ඉගැන්වීමට මෙලෙස ලාංකික කාන්තාව දරුවන් දෙදෙනා ඝාතනය කර සිය දිවිහානිකර ගැනිමට උත්සහා කර ඇති බවට පොලිස් පරික්ෂණවලදි හෙළි වි ඇති බවට එරට පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙයි