(ඩයනා උදයංගනී)
ලබන වසර වෙනුවෙන් පළමු වසරට ළමුන් ඇතුළත් කරගැනීම සඳහා වන අයදුම්පත් සමඟ පදිංචිය සනාථ කිරීම සඳහා ඡන්ද හිමි නාමලේඛනයේ වසර පහක ලියාපදිංචිය ඉදිරිපත් කළ යුතු අයට එම තොරතුරු ග්‍රාම නිලධාරීන්ගෙන් හෝ මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය මගින් ලබාගත හැකි බව එම කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk වෙබ් අඩවියට පිවිස ජාතික හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කිරීමෙන් මෙම තොරතුරු ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ජනතාව එක්රැස්වීම අවම කරගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇතැයි ද ඔහු කීවේය.
එබැවින් පාසල්වලට ළමුන් ඇතුළත් කරගැනීමට අවශ්‍ය ඡන්ද හිමි නාමලේඛන ලබාගැනීම සඳහා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත යෑමෙන් වැළකී සිටින ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බවත්, එම කාර්යාල මගින් මෙම තොරතුරු නිකුත් නොකරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

