(සුජිත් හේවාජුලිගේ )
මන්දපෝෂණයෙන් පෙළෙන වයස පහට අඩු දරුවන් 10,000කගේ පෝෂණ අවශ්යැතා සපුරාලීම සඳහා විවිධ ආයතන සහ පුද්ගලයන් කැපකරු මවුපියන් ලෙස ඉදිරිපත්ව සිටින බව සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් තවත් 11,000කට කැපකරු මවුපියන් සොයා දීම සඳහා තමා පෞද්ගලිකවම මැදිහත්වී කටයුතු කරමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.
මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ කැපකරු මවුපියන් ලෙස කටයුතු කිරීමට දිවයිනේ නමගිය සමාගම් ගණනාවක් ඉදිරිපත් ව ඇතැයි පැවසූ අමාත්යයවරයා ජෝන් කීල්ස් ආයතනය දරුවන් 3000කට
දායකත්වය දක්වන බවද සඳහන් කළේය.
මෙයට අමතරව ශ්රැං ගිලා ආයතනය දරුවන් 1000 කට අනුග්ර හය දක්වන බවත් මේ සඳහා ඉදිරිපත් වූ සියළුම සමාගම් සහ පුද්ගලයන්ට තමා ස්තූතිවන්ත වන බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීවේය.
මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සිටින පවුල්වලට මාසයකට රුපියල් දාහතර දාහක මුදලක් මෙම වැඩපිළිවෙල යටතේ පිරිනැමෙන බව පැවසූ අමාත්යසවරයා විදේශයන්හි සිටින ධනපතියන්ටද මේ වැඩපිළිවෙළ සඳහා දායකත්වය දැක්විය හැකි බව ප්රාකාශ කළේය.

